වියළී හුන් තැන අහිමි වී
බිම වැටුණු කොලයක්මි මම...
සවිව උන් කල තෙදැති රුකට
කලද සේවය නිතර වෙහෙසී
අද බිමය අසරණව මරණයට නියම වී..
නොමැත මට පැන්ෂන්, ග්‍රැටිවිටි, ETF
ක්ෂයව ගිය වත පමණි ඉතිරිව ඇත්තේ
ලපටි දල්ලක්ව අලුත ඇතිවූ රිකිල්ලකින්
පැන නැගුනු දිනේ සිට
උරුම සේවය කලෙමි නිරන්තරයෙන්
පියඹ ආ සොඳුරු සමනළ තටු දැක
හැමූ සුළඟින් මග විමසා
පාව යන්නට සිතුන මුත් පාරාදීසයට
සෙනෙහෙ නොලදින් මාපියන්ගේ
කෙසේ යන්නද.. කවුරු දේවිද මට අත්තටු..
කුමර සැප විඳි මල් වලට සමනළ බඹරු හාදු දුන්නත්
ඉදුණු ගෙඩි පාරාදීසය බලා ඉගිලුනත්
කවුරු දේවිද මට හාදු කවුරු ගෙන යාවිද මා පාරාදීසයට
දුක විමසන මිතුරු සුළඟ
මල් සුවඳ ගෙන හමා යාවිද හැමදාමත්
දුටුවෙමි තව තවත් අලුතින් උපදින පොඩ්ඩන්
සිතුනේ නැත තරහක් හෝ දුකක්
උන් ගත්තත් මගේ තැන
නැත්තේ සතුටක්ද අත්වන ඉරණම දැනීමෙන්
දැනගනු මේ රුක මහළු උන් දරා නොසිටින බව..
උපන්නත් සොඳුරු සිහින අතැතිව
නොදැනීම ගෙවී ගොස් උඹේ ළමා විය, තරුණ විය
ලැබූ කල වාරු නැති මහළු විය
නොලැබෙනු ඇත උඹට ඉඩක් මේ රුක තුල
වෙන්නේ ගිලිහී ගොසින් සිපගන්නයි මහ පොලොව
කවදත් මිතුරු සුළඟ එදිනට වෙයි උදව්
පතිත වන්නට මහ පොලොව මත රිදීමකින් තොරව
ඔහුට කම් නැත සිටින කල උඹ සිටි උඩ
සලකනු ඇත සියලු දෙනාටම එක ලෙස පතිත වන්නට බිම...
by amith chinthaka
Oct 8th 2011
No comments:
Post a Comment