එකෝමත් එක කාලයක, එකෝමත් එක මහ කැලෑවක, නරියෙක් හිටියා
ඉතින් මේ නරියා දවසක් බොහොම ලකේට ඵල දරල තිබුණු මිදි පොකුරක් දැක්කා
මිදි පොකුරට රැවටිච්චි මේ නරියා ඒක කඩා ගන්න උඩ පැනපු වාර අනන්තයි
ඒත් කෝ, ඒක හරි ගියාද,
ඉතින් අන්තිමට මේ නරියා කියාපි,
“අපෝ… මේ මිදි තිත්තම තිත්තයි. මොන ජරාවක්ද. කවුද මේවා කන්නේ” කියලා
ඒක පරණ කතාවක්
මිදි පොකුර සූසැට මායමෙන් සුසැදි ස්ත්‍රිය නම්,
නරියා ස්ත්‍රියගේ සුන්දරත්වයෙන් උමතු වන අපේ කාලයේ පෙම්වතා නොවේද?
ඉතින්,
අවසාන ජවනිකාවේදී නරියාට අත් වුණු ඉරණම ම
අපේ කාලයේ ප්‍රේමවන්තයාටත් අත් වූ කල කුමක් කරම්ද?
කල යුත්තේ
මිදි පොකුරට ගල් මුල් වලින් ගසා විනාශ කිරීමද,
නැතිනම්
නරියා කීවාක් මෙන් මිදි ඇඹුලයි කියා හිත හදා ගැනීමද
story by amith chinthaka
Aug 1st 2005
The Beginning
No comments:
Post a Comment