Wednesday, June 20, 2012
ආවර්ජනය
සිනිඳු සේල අන්දා මල් යහන මත් හොවා
මතකයි තුරුළු වූවා ඔබේ ළයට
ඒ ආදරයේ උණුහුමෙන් මෝදු වූ ගැබ
තව ටික දොහයි ඇත්තේ පුදින්නට
එතෙක් සිහිකරමින නුඹ
ආසයි වැතිර ඉන්නට
සුවඳ ඉහිරුනු මල් යහන මත
Tuesday, February 21, 2012
ගීතය හා Track එක
පිනවන ලෙසට දන මන
රොද බැඳ මියුරු සත් සර
වසින ස්වර වැස්සක
තෙමී සැනසුනයි මා
ලියූ ගී සිත්තම
සමඟ මුහු කොට ස්වර නද
ලබැඳි කොවුලෙකු ගෙ හඬින්
අසා සැනසුනයි මා
අසන කල මිහිරි බණ පද
ලෙල නොදෙන ජල තලය විලසින
ගැයෙන ගී රාවය
දැහැන් ගැන්වූවයි මා
අඹරවා භීම්පලාසි රාගය
මැදින් එක්කොට කාෆි, යමන්
බොල් වියැට බඳු පද වැලක්
ගැයූවා නොව කියූවා
ඇසෙන කල හරි මිහිරිය
දකින කල වඩ වඩා මිහිරිය :P
තටම තටමා කියූ
හපොයි මගේ Track එක
Feb 18th 2012
Thursday, February 9, 2012
අවසන් කැමැත්ත
මං මළ දා මා ගැන ගුණ කථන එපා
සිටිනා කලදි නොහෙලූ සුසුම් හෙලනු එපා
නෙත් දෙක ඔබේ කඳුලින් තෙත් කරනු එපා
යලි යලි හමුවන්න පැතුමන් පුරනු එපා
කියවා මා ලියූ දහසක් පද පේලී
තෝරා සඟවලා ගිය මුතු පේලී
ගුණ දොස් විමසලා කරමින් දිවිය එළී
දෙනු මැන සිනහවක් ලිව්වට රස පේලී
හරවා කඳුළු බිඳු කාබන් සායමට
සඟවා දහසකුත් ලතැවුල් කොළය තුල
වින්දත් සිනහවෙන් මිතුරේ කවියෙ රස
දැනගනු කවිය නොව ඔය මගෙ ජීවිතය
පොදි බැඳ මතක සටහන් මගෙ ජීවිතයේ
විඳ විඳ එහි පැහැය මතකයෙ සිතුවමිනේ
යන්නට සැරසෙන මේ සුන්දර ගමනේ
විස්තර කියම්දෝ කෙලෙසින් මා මිතුරේ
by amith chinthaka
Feb 9th 2012
සිටිනා කලදි නොහෙලූ සුසුම් හෙලනු එපා
නෙත් දෙක ඔබේ කඳුලින් තෙත් කරනු එපා
යලි යලි හමුවන්න පැතුමන් පුරනු එපා
කියවා මා ලියූ දහසක් පද පේලී
තෝරා සඟවලා ගිය මුතු පේලී
ගුණ දොස් විමසලා කරමින් දිවිය එළී
දෙනු මැන සිනහවක් ලිව්වට රස පේලී
හරවා කඳුළු බිඳු කාබන් සායමට
සඟවා දහසකුත් ලතැවුල් කොළය තුල
වින්දත් සිනහවෙන් මිතුරේ කවියෙ රස
දැනගනු කවිය නොව ඔය මගෙ ජීවිතය
පොදි බැඳ මතක සටහන් මගෙ ජීවිතයේ
විඳ විඳ එහි පැහැය මතකයෙ සිතුවමිනේ
යන්නට සැරසෙන මේ සුන්දර ගමනේ
විස්තර කියම්දෝ කෙලෙසින් මා මිතුරේ
by amith chinthaka
Feb 9th 2012
Monday, January 16, 2012
සමාජ වෘක්ෂය
වියළී හුන් තැන අහිමි වී
බිම වැටුණු කොලයක්මි මම...
සවිව උන් කල තෙදැති රුකට
කලද සේවය නිතර වෙහෙසී
අද බිමය අසරණව මරණයට නියම වී..
නොමැත මට පැන්ෂන්, ග්‍රැටිවිටි, ETF
ක්ෂයව ගිය වත පමණි ඉතිරිව ඇත්තේ
ලපටි දල්ලක්ව අලුත ඇතිවූ රිකිල්ලකින්
පැන නැගුනු දිනේ සිට
උරුම සේවය කලෙමි නිරන්තරයෙන්
පියඹ ආ සොඳුරු සමනළ තටු දැක
හැමූ සුළඟින් මග විමසා
පාව යන්නට සිතුන මුත් පාරාදීසයට
සෙනෙහෙ නොලදින් මාපියන්ගේ
කෙසේ යන්නද.. කවුරු දේවිද මට අත්තටු..
කුමර සැප විඳි මල් වලට සමනළ බඹරු හාදු දුන්නත්
ඉදුණු ගෙඩි පාරාදීසය බලා ඉගිලුනත්
කවුරු දේවිද මට හාදු කවුරු ගෙන යාවිද මා පාරාදීසයට
දුක විමසන මිතුරු සුළඟ
මල් සුවඳ ගෙන හමා යාවිද හැමදාමත්
දුටුවෙමි තව තවත් අලුතින් උපදින පොඩ්ඩන්
සිතුනේ නැත තරහක් හෝ දුකක්
උන් ගත්තත් මගේ තැන
නැත්තේ සතුටක්ද අත්වන ඉරණම දැනීමෙන්
දැනගනු මේ රුක මහළු උන් දරා නොසිටින බව..
උපන්නත් සොඳුරු සිහින අතැතිව
නොදැනීම ගෙවී ගොස් උඹේ ළමා විය, තරුණ විය
ලැබූ කල වාරු නැති මහළු විය
නොලැබෙනු ඇත උඹට ඉඩක් මේ රුක තුල
වෙන්නේ ගිලිහී ගොසින් සිපගන්නයි මහ පොලොව
කවදත් මිතුරු සුළඟ එදිනට වෙයි උදව්
පතිත වන්නට මහ පොලොව මත රිදීමකින් තොරව
ඔහුට කම් නැත සිටින කල උඹ සිටි උඩ
සලකනු ඇත සියලු දෙනාටම එක ලෙස පතිත වන්නට බිම...
by amith chinthaka
Oct 8th 2011
Thursday, January 12, 2012
මාලතී
ඔව්, මං ආදරෙයි!
මං ආදරෙයි!!
තොපි පිළිගන්නෙ නැති වුනාට මං ඒකිට ආදරෙයි!!!
මාත් එක්ක ඉන්න පැයේ දෙකේ හරි
ඒකි මට ආදරේ දෙනවා.. අඩුවක් නැතිව
තොපි වගේ.. ,
තොපි වගේ හොරට කිරන්නැතිව
මේ මූසල තනිකමේ මැරෙනවට වඩා
ඒකිගෙ උණුසුම මට වටිනවා
ඒකි තව එවුන් එක්ක යනවා තමා..
ඒ වුනාට මං ආදරෙයි ඒකිට
ඒකි විතරයි මගේ දුක අහගෙන ඉන්නේ
ඒකි විතරයි...
ඉතින් මට ඒකිව වටිනවා
මම වීසි කරන දාහේ කොල වලට වඩා...
මොකද..?
නොදකින් පෙරේතයො ටික,
තොපි හිතනවද මම ඒකිත් එක්ක..
මම ඒකිත් එක්ක හිනා වෙනවා..
කතා කරනවා.. අඬනවා..
සමහර වෙලාවට.. සමහර වෙලාවට ඔහේ බලාගෙන ඉන්නවා..
මම හරියට, හුලඟේ පාවෙලා යන වේලිච්ච කොලයක් වගේ
ඔහේ පාවෙලා යනවා..
ඒකිත් හරියට හුලඟ වගේ
මගේ ළඟින්ම දැවටි දැවටි ඉන්නවා...
by amith chinthaka
Sept 28th 2011
මං ආදරෙයි!!
තොපි පිළිගන්නෙ නැති වුනාට මං ඒකිට ආදරෙයි!!!
මාත් එක්ක ඉන්න පැයේ දෙකේ හරි
ඒකි මට ආදරේ දෙනවා.. අඩුවක් නැතිව
තොපි වගේ.. ,
තොපි වගේ හොරට කිරන්නැතිව
මේ මූසල තනිකමේ මැරෙනවට වඩා
ඒකිගෙ උණුසුම මට වටිනවා
ඒකි තව එවුන් එක්ක යනවා තමා..
ඒ වුනාට මං ආදරෙයි ඒකිට
ඒකි විතරයි මගේ දුක අහගෙන ඉන්නේ
ඒකි විතරයි...
ඉතින් මට ඒකිව වටිනවා
මම වීසි කරන දාහේ කොල වලට වඩා...
මොකද..?
නොදකින් පෙරේතයො ටික,
තොපි හිතනවද මම ඒකිත් එක්ක..
මම ඒකිත් එක්ක හිනා වෙනවා..
කතා කරනවා.. අඬනවා..
සමහර වෙලාවට.. සමහර වෙලාවට ඔහේ බලාගෙන ඉන්නවා..
මම හරියට, හුලඟේ පාවෙලා යන වේලිච්ච කොලයක් වගේ
ඔහේ පාවෙලා යනවා..
ඒකිත් හරියට හුලඟ වගේ
මගේ ළඟින්ම දැවටි දැවටි ඉන්නවා...
by amith chinthaka
Sept 28th 2011
Wednesday, December 28, 2011
පෙරට්ටුව
සීරුවේ..න් සිටින්
පහසුවේ..න් සිටින්
ඔය අපූරුවට කරන්නේ...
ඔලුවට පහලින්ලුනෙ ඔය හිත තියෙනවා කියන්නේ
හිතත් හරියට ගෑ..නියෙක් වගේ
හැඟීම් කියන ඒවා, වාවගන්නම බෑනෙ
හැබැයි ඔය ඔලුව, පිරිමියෙක් වගේ
ඒ වුනත් ඌ.. ගෑනිට බයයි
ඉතින්, දෙයක් කරන්න ගියාම ගෑනි අවසර දෙනකම්ම ඉන්නවා
පෙරට්ටුවෙදී...
අපේ සර් ඉස්සෙල්ලම කරන්නේ
ඔය අසික්කිත ගෑනිව පන්නලා දාන එක
දැන් ඉතින් මිනිහට වැනෙන්න දෙයක් නෑ
වැඩේ හරි ලේසියි ඕයි මේ ක්‍රමේට
ජීවිතෙත් හරි යුධ බිමක් තමා
හිත් පිත් නැති කර ගත්තු මිනිස්සුන්ගේ
සීරුවේ..න් සිටින්
පහසුවේ..න් සිටින්
දන්නවද, දත්මිටි කාගෙන හරි ඔය ගෑනිව පන්නලා දාපල්ලා...
සීරුවේ..න් සිටින්
පහසුවේ..න් සිටින්
by amith chinthaka
Sept 27th 2011
පහසුවේ..න් සිටින්
ඔය අපූරුවට කරන්නේ...
ඔලුවට පහලින්ලුනෙ ඔය හිත තියෙනවා කියන්නේ
හිතත් හරියට ගෑ..නියෙක් වගේ
හැඟීම් කියන ඒවා, වාවගන්නම බෑනෙ
හැබැයි ඔය ඔලුව, පිරිමියෙක් වගේ
ඒ වුනත් ඌ.. ගෑනිට බයයි
ඉතින්, දෙයක් කරන්න ගියාම ගෑනි අවසර දෙනකම්ම ඉන්නවා
පෙරට්ටුවෙදී...
අපේ සර් ඉස්සෙල්ලම කරන්නේ
ඔය අසික්කිත ගෑනිව පන්නලා දාන එක
දැන් ඉතින් මිනිහට වැනෙන්න දෙයක් නෑ
වැඩේ හරි ලේසියි ඕයි මේ ක්‍රමේට
ජීවිතෙත් හරි යුධ බිමක් තමා
හිත් පිත් නැති කර ගත්තු මිනිස්සුන්ගේ
සීරුවේ..න් සිටින්
පහසුවේ..න් සිටින්
දන්නවද, දත්මිටි කාගෙන හරි ඔය ගෑනිව පන්නලා දාපල්ලා...
සීරුවේ..න් සිටින්
පහසුවේ..න් සිටින්
by amith chinthaka
Sept 27th 2011
Subscribe to:
Posts (Atom)

