Warna-Color E - Volumes

Warna-Color E - Volumes
Download : warna - volume 1, 2 3, and 4

Wednesday, June 20, 2012

යතුරු සිදුර


බලාගත්තා නම් දැන් පල
නිදහසේ නිදන්ට දී මට

Marketing


විප්ලවය විප්ලවය
කෑ මොර දෙන්නේ මන්ද තොප
ඉතිරි වූ වත පෙරවා සිටින කල
කුමට සරාගී බැලුම් හෙලුවද
නැත නැත
සළු පිළි නැති අසරණයෙක් නොවෙමි මම
නූතන විප්ලවල ඉතිරි කල වත අඳිමි මම

වයලීනය


ඇඟිලි තුඩින් තද කර වයන්නෙමි ඔබව
දැනෙන මුදු පහස දෙවඟනක් බඳුය ඔබ
සිප වැළඳ සිරකොට ආත්මීය රාගයක
බලව වයලීනය සුන්දරයි නේද ඔබ

මක්කයි වෙලා තියෙන්නේ


නැතිව ගොස්ය රුව
දකිනු ඇත්තේ සරාගී බව
යහන්ගත වෙන්න නොව සොයන්නේ
ගලවා ලන්නට
සළු පිළි නොව
පනුවෝ කැ දත

ආවර්ජනය


සිනිඳු සේල අන්දා මල් යහන මත් හොවා
මතකයි තුරුළු වූවා ඔබේ ළයට
ඒ ආදරයේ උණුහුමෙන් මෝදු වූ ගැබ
තව ටික දොහයි ඇත්තේ පුදින්නට
එතෙක් සිහිකරමින නුඹ 
ආසයි වැතිර ඉන්නට
සුවඳ ඉහිරුනු මල් යහන මත


Tuesday, February 21, 2012

ගීතය හා Track එක

පිනවන ලෙසට දන මන
රොද බැඳ මියුරු සත් සර
වසින ස්වර වැස්සක
තෙමී සැනසුනයි මා

ලියූ ගී සිත්තම
සමඟ මුහු කොට ස්වර නද
ලබැඳි කොවුලෙකු ගෙ හඬින්
අසා සැනසුනයි මා

අසන කල මිහිරි බණ පද
ලෙල නොදෙන ජල තලය විලසින
ගැයෙන ගී රාවය
දැහැන් ගැන්වූවයි මා

අඹරවා භීම්පලාසි රාගය
මැදින් එක්කොට කාෆි, යමන්
බොල් වියැට බඳු පද වැලක්
ගැයූවා නොව කි‍යූවා

ඇසෙන කල හරි මිහිරිය
දකින කල වඩ වඩා මිහිරිය :P
තටම තටමා කියූ
හපොයි මගේ  Track එක

by amith chinthaka
Feb 18th 2012

Thursday, February 9, 2012

අවසන් කැමැත්ත

මං මළ දා මා ගැන ගුණ කථන         එපා
සිටිනා කලදි නොහෙලූ සුසුම් හෙලනු     එපා
නෙත් දෙක ඔබේ කඳුලින් තෙත් කරනු     එපා
යලි යලි හමුවන්න පැතුමන් පුරනු     එපා

කියවා මා ලියූ දහසක් පද         පේලී
තෝරා සඟවලා ගිය මුතු         පේලී
ගුණ දොස් විමසලා කරමින් දිවිය     එළී
දෙනු මැන සිනහවක් ලිව්වට රස     පේලී

හරවා කඳුළු බිඳු කාබන්         සායමට
සඟවා දහසකුත් ලතැවුල් කොළය     තුල
වින්දත් සිනහවෙන් මිතුරේ කවියෙ     රස
දැනගනු කවිය නොව ඔය මගෙ     ජීවිතය

පොදි බැඳ මතක සටහන් මගෙ         ජීවිතයේ
විඳ විඳ එහි පැහැය මතකයෙ         සිතුවමිනේ
යන්නට සැරසෙන මේ සුන්දර         ගමනේ
විස්තර කියම්දෝ කෙලෙසින් මා     මිතුරේ

by amith chinthaka
Feb 9th 2012