සීරුවේ..න් සිටින්
පහසුවේ..න් සිටින්
ඔය අපූරුවට කරන්නේ...
ඔලුවට පහලින්ලුනෙ ඔය හිත තියෙනවා කියන්නේ
හිතත් හරියට ගෑ..නියෙක් වගේ
හැඟීම් කියන ඒවා, වාවගන්නම බෑනෙ
හැබැයි ඔය ඔලුව, පිරිමියෙක් වගේ
ඒ වුනත් ඌ.. ගෑනිට බයයි
ඉතින්, දෙයක් කරන්න ගියාම ගෑනි අවසර දෙනකම්ම ඉන්නවා
පෙරට්ටුවෙදී...
අපේ සර් ඉස්සෙල්ලම කරන්නේ
ඔය අසික්කිත ගෑනිව පන්නලා දාන එක
දැන් ඉතින් මිනිහට වැනෙන්න දෙයක් නෑ
වැඩේ හරි ලේසියි ඕයි මේ ක්‍රමේට
ජීවිතෙත් හරි යුධ බිමක් තමා
හිත් පිත් නැති කර ගත්තු මිනිස්සුන්ගේ
සීරුවේ..න් සිටින්
පහසුවේ..න් සිටින්
දන්නවද, දත්මිටි කාගෙන හරි ඔය ගෑනිව පන්නලා දාපල්ලා...
සීරුවේ..න් සිටින්
පහසුවේ..න් සිටින්
by amith chinthaka
Sept 27th 2011
Wednesday, December 28, 2011
Monday, October 17, 2011
කවි මඩුව
සෙනෙහෙ කොළය
සඳ මඩලක් සේ අහසෙ පෑයුවයි
හිරු මඬලක් සේ බැලුම් හෙලූවයි
පිරිවර තරු කැන් ඔබව පැතූවයි
මගෙ හිතටත් මහ බයක් දැනුනයි
මල් පෙති පරයන දෙතොලක් ඇත්තී
ඔබෙ නිල් නයනද මා සිත් ගත්තී
සිහින් සිනිඳු නිල් වරලක් ඇත්තී
මගේ හිතත් නුඹ ගාවයි මැට්ටී
by Tom
Sept 18th 2010
වස්සානයක පියසටහන්
ඔබේ සෙනෙහෙ නොපැතූ මගේ කොළය
උදේ හවස අහස දිහා බලන් ඉන්න
කාටද සිතුනේ ඔබේ හද ඇන කරන්න
මටත් දුකයි මිතුරේ ඔබ දෙස බලන්න
බිය නැත්නම් පවසනු ඒ නම ඇහෙන්න
ඉන්නේ මැට්ටියක් වුවත් ඔබ සිත් ගත්තූ
නොදනීද මැට්ටී යන නම මා සතූ
උරුලෑවෙක් වගේ මගේ නම ගඳ ගැස්සූ
ඇත්තයි කියන්නෙ ටොම් නුඹටත් පිස්සූ
by Matti
වස්සානයක පියසටහන්
හොරණ බිල් කවියා…
මැට්ටියෙ ඔහොම නොකරන් ටොම් අයියාට
උගෙ කුළුඳුල්ම ප්‍රේමය පිදුවේ උඹට
පොඩ්ඩක් මහත පොඩ්ඩක් මිටි උනාට
අපෙ ටොම් අයියා ඉහටත් වැඩියෙන් උඹට
by Bill
වස්සානයක පියසටහන්
වඳුරු කවි
උඹ පස්සේ නිතරම විත් පැණි හලන
ටොමා ඌයි වත්තේ තණ උලා කන
වගක් නැතේ උටවත් උගෙ දෙයක් ගැන
මැට්ටිට වෙන්නෙ එමමයි බෑගයට වුන
නැතිදා කැකිරිගෙන් උඹ ගැන විමසනවා
දුටුවොත් උදෙන් උඹේ දවසම කෙල වෙනවා
එහෙම වුනත් ටොම් උඹ ගැන වද වෙනවා
ඔහොම ගියොත් ඌ මහ වදයක් වෙනවා
තිත්ත නිසා මිදි; උඹ ගැන කියවනවා
සිරාවටම ඌ මැට්ටිට පණ දෙනවා
බලන්න බෑ තව පාරක් ඌ ඇන වෙනවා
"හා!" කියපං නැත්නම් ඌ වහ කනවා
by Waduraa
වස්සානයක පියසටහන්
හැකර්ගේ කවි කම්…
ටොම්ගේ කවිය නොම තේරුණු වඳුරාට
ඒ අසරණයා අසරණ කර දැමුවාට
නැති පෙම් පුවත් ඇති කර දුක් දුන්නාට
පල දෙයි මේ කල පව් දිවි තුරාවට
by Hacker
වස්සානයක පියසටහන්
ඇරඹුමම කඳුලක් වෙලා…
මලක් වී නුඹ සුවඳ දේ නම් - සුළඟ වී මම වැලඳ ගන්නම්
අහස වී නුඹ වැස්ස දේ නම් - ගඟක් වී මම ගලා යන්නම්
ඉරක් වී නුඹ එලිය දේ නම් - ඔබේ උණුසුම මම විඳින්නම්
මහද අරණට කඳුළු දේ නම් - දෝර ගලන තුරු මම අඬන්නම්
by amith chinthaka
Sept 19th 2010
වස්සානයක පියසටහන්
The Light House
හිරුත් සඳුත් තරහ වී තරු කැන් පොකුරු ඉවත බලදිදී
මගේ අඳුර නසන්නට තනියට ළඟ සිටියේ නුඹයි,
සමුදුරද කෝපයෙන් හඬනඟා කෑ ගසද්දී
පිරුණු සෙනෙහෙන් යුතුව බලා සිටියේද නුඹයි,
වැටහුණු කල, එළිය ඇතිමුත් ගරා වැටුනු නුඹ ගාව
දෙන්ට දෙයකි නොමැති බව
අඳුර අතරින් සැඟව ගත්තෙමි
තවත් නොබලා ඔබේ කාන්තිය
ඈත පෙනෙන බලාපොරොත්තුව
සුන්දරයි සිතා මම
නොනැවතීම යන්නෙමි සුළි කුණාටු මැදින්
ඉතින් අවසරයි යන්ට මට
තුරුල් කරගෙන ඔබෙ ආදරය
මගේ හිතේ පුංචි කොනක…
by amith chinthaka
Nov 8th 2010
වස්සානයක පියසටහන්
The Mirror
Same height, same size, same shape
& same face
The Mirror,
Who is inside you?
You just look like me…
Are we same?
I’m standing, you’re also standing
I shake my hand, you do the same thing
I’m smiling & you’re smiling too
But…
To whom do you smile?
To that girl
Oh! God, I was delighted
How nice she looks…
Like a summer... in a winter
How sad,
I can’t talk to her… I can’t touch her…
Hey man, try to talk with her…
by amith chinthaka
March 23rd 2011
වස්සානයක පියසටහන්
Tear Drop
It is shiny
It is pure
It is naked
It is powerful
It melts sorrow
& remains happiness
The tear drop,
You bear the humanity…
by amith chinthaka
March 24th 2011
වස්සානයක පියසටහන්
Subscribe to:
Posts (Atom)