හිරුත් සඳුත් තරහ වී තරු කැන් පොකුරු ඉවත බලදිදී
මගේ අඳුර නසන්නට තනියට ළඟ සිටියේ නුඹයි,
සමුදුරද කෝපයෙන් හඬනඟා කෑ ගසද්දී
පිරුණු සෙනෙහෙන් යුතුව බලා සිටියේද නුඹයි,
වැටහුණු කල, එළිය ඇතිමුත් ගරා වැටුනු නුඹ ගාව
දෙන්ට දෙයකි නොමැති බව
අඳුර අතරින් සැඟව ගත්තෙමි
තවත් නොබලා ඔබේ කාන්තිය
ඈත පෙනෙන බලාපොරොත්තුව
සුන්දරයි සිතා මම
නොනැවතීම යන්නෙමි සුළි කුණාටු මැදින්
ඉතින් අවසරයි යන්ට මට
තුරුල් කරගෙන ඔබෙ ආදරය
මගේ හිතේ පුංචි කොනක…
by amith chinthaka
Nov 8th 2010
වස්සානයක පියසටහන්
No comments:
Post a Comment