නෙත’ඟින් යාන්තමට පෙනෙන්නාවූ අපැහැදිලි ඡායාවක් වෙයි. එය කුමක්දැයි පැවසීමට මම අපොහොසත් වෙමි. එහෙත් එක් බැල්මකින්ම මා නෙතු වශී කරේ මායාවක් මෙනි.
ඇය නිසලය, මගේ සිහිනයේ එක් අඳුරු කොනක හිඳ පහන් සිලක් බඳු දෙ’නෙතින් හැඟීම් වගුරවයි. එබඳු අයස්කාන්ත විලාසිනියකගේ ප්‍රබෝධමත් මුහුණ දකින කවරෙකු ඇයට මුලා නොවන්නේද?
එහෙත්…
අසුරු සැනෙකින් ඇය නොපෙනී ගිය කල,
මගේ සිත…
කසයකින් සියදහස් වරක් තලා පෙලන්නාක් මෙන් රිදුම් දෙයි. ආදරය දී හද වෙහෙසවන නුඹ මිරිඟුවක් බඳුය. අඳුරු සිහිනයේ සොඳුරු වසන්තය වූ මායාකාරිය,
වහා පලා යව මගේ නෙතු අබියසින්, තව තවති මට රිදුම් නොදී.
සත්‍යය නම්…
ඔබද මා මෙන්ම හිස් සැළක් පමණක්මය. එයද එසේ වී නම් ඇයි මෙතරම් රිදුම් දෙන්නේ, හුදෙක් ඔබ සිහිනයක් ම වූ නිසා නොව, ඔබ මට අහිමි වූ නිසාම විය යුතුය.
නපුරු වූ බයංකාර සිහිනයේ මායාකාරිය, මම ඔබේ ස්ත්‍රී මායමට හසුවන පළමු හා අවසාන අවස්ථාව මෙයම විය හැකිය. මම ඔබට ශාප නොකරමි. මන්ද, මම නුඹට ආදරය කල නිසාවෙනි. මෙය සිහිනයක් ම විය හැකිද, මම තවම නොදනිමි.
හෙට නව ඉරක් පායනු ඇත. නින්ද විසින් පෙලනු ලැබූ මිනිසුන් තම සිහින සැබෑ කර ගනු පිණිස තම ජීවන යාත්‍රාව උඩු ගං බලා දියත් කරනු ඇත.
by amith chinthaka
July 19th 2005
The Beginning
No comments:
Post a Comment