Warna-Color E - Volumes

Warna-Color E - Volumes
Download : warna - volume 1, 2 3, and 4

Monday, October 17, 2011

Heartless


Okay
Do you want to hurt me?
Then, hurt
You can hurt me
Until I have a heart
If I haven’t
You’ll never hurt me
I convert my heart into a rock
Try to hurt anymore
You’ll fail
Goodbye.

by amith chinthaka
June 23rd 2011
වස්සානයක පියසටහන්

The Guiding Star


Once, I been a storm and got more attention
Once, I been an angel and stolen hearts
At once I disappeared they stuck in their dreams
Now I’m being a guiding star and help them to escape
Then, they’ll be thankful to me

by amith chinthaka
July 13th 2011
වස්සානයක පියසටහන්

Monday, August 29, 2011

warna - Book Two

මා නෙත සිපගත් රාත්‍රිය

මලානික රැස්වෙලී
සඳරැස් කෙමෙන් පතිත වේ
ලෝකයා
අන්දකාරයෙන් මුසපත් වේ
තුරු මුදුන්
දුනු අමෝරා හුනු මිනිසුන් වැනිය
රැහැයි නද දසත පැතිරෙයි
අහෝ...
අන්ධකාරය කෙසේ සැඟවේද
විහඟුන්ගේ හඬ
ලෝකයාගෙන් සමුගෙනද
නමුදු
නිශාචරයින් දසත ඉගිලෙයි
හිරු රැසින් බැබලූ
ලෝකයට කුමක් වීද
දහවලේ ගලා ගිය ගඟ
නිශායාමයේ ගලා ගියද
එය නෙත ගැටුනු කල
මහත් බයංකාරයක් දැනේ
නමුදු
අඳුරෙන් ගිලගත්
බයංකාරයෙන් වැසීගත්
ලෝකයා
හෙට දින ආලෝකමත් වන බව දනිමු

by chamini nimeshika
Deep

New Moon

මට නැවත ලියන්නට සිතුනි
ඒ ඔබ ගැනය
විටෙක රන්වන් හිරු මඩලක් සේ සැරසුනු ඔබ
විටෙක වසන්තයක් සේ මල් බර විය
ඒ වසන්තයේ වූ සුලි කුණාටුවක් ඔබගේ සිත්තම වර්ණවත් කලේ
සමාවෙන්න... එය මගේ සොඳුරු සිත්තමයි
රත් පැහැයෙන් හා අඳුරු පැහැයෙන්
සංග්‍රාමයකට සැරසුනු  ඔබ මට මංගල්‍යයක් ගෙනාවේ නොවේද
පුදුමයක හැටි ඉන්පසු පලබර වූ නුඹ
හරිම ලස්සනයි...
විටෙක ඉදිරියෙන් ගොසින් නැවත බැලුවද
විටෙක මා හා එක්ව ගමන් කලද
කතා නැතුවද අප කතා කල හැටි
ඔබ සොබාදම් චක්‍රය සම්පූර්ණ කල හැටි
යලි යලි මතක් වුවද කම් නැත
ඒ මතකය අවසන්ය
ඔබ මගේ සොඳුරු වසන්තයේ මතක සටහනකි
මා මතක සටහන් පමණක් එකතු කරන්නෙමි
කිසිවක් රැගෙන නොයන්නෙමි...

by amith chinthaka
Dec 13th 2008
Deep

The Time

ඇවිදින්නෙමි මා ඔබ මත
ඉදිරියටම
නොනැවතී ඇඟට නොදැනිම සෑම නිමේශයකම
පියවරින් පියවර තබමින්
ඇවිදින්නෙමි ඉදිරියටම
පසුපස හැරී බැලීමට අවසර මුත්
ආපසු යාමට ඉඩක් නැත

නොඉවසිලිමත් කම මෝදුවන්නට වූයෙන්
පසුපසට පියවරක් තැබීමට සිත් විය
කෙතරම් වෙර දැරුවත් නවතින්නේ නැත මේ ගමන
තවමත් මම සුපුරුදු ලෙස
ගලායන්නෙමි ඉදිරියටම
ක්‍රෝධයද අධිෂ්ඨානයද ඉහවහා ගියෙන්
පැන්නෙමි පිම්මක් පසුපසට
නව පිම්මේ ජවය දැකීමට
නව ලොව හිරු දැකීමට
දෙනෙත් හැර බැලුවෙමි ප්‍රීතියෙන්

අහෝ
හැඩතල වෙනස් වුවත් පැන ඇත්තේ ඉදිරියටමය
ආපසු පැනීමද මාගේ ගමනේ ඉදිරියට පැනීමක් විය
මට වැටහුණි,
මේ අපූරු ගමනේ පසුපසට තබන්නට අඩියක් නැත
තැබිය හැක්කේ ඉදිරියට පමණි
ගෙවී ගිය හැඩතල නැවත වින්දත්
එය ආපසු යාමක් නොව
අපූරු ගමනේ තවත් එක් ඉදිරි පියවරක්මය
යා හැක්කේ ඉදිරියටම බැවින්
යා යුත්තේද ඉදිරියටම පමණි
විසිතුරු හැඩතල අපූරු මතකයන් තුලින්
ඉදිරි ලෝකය වර්ණවත් කරණු වස්
යා යුත්තේ ඉදිරියටම පමණි
ඔබට ඔබේ ගමන නතර කල හැක
නමුත් ආපසු යා නොහැක

ඇතිතටම මට
ආපසු යා නොහැකිද?

by amith chinthaka
Jan 1st 2009
Deep

තුෂාරයේ වර්ණය හෙවත් ආත්මීය සිහිනය

ම්! තනුව වෙනස් වෙලා. සුළඟ, ඔබ අමුතුම තනුවක් වයන්නේ
ඔව් මම දන්නවාමම දන්නවාඔබ තුෂාරය ගැන නේද කියන්නේ
තුෂාරයතුෂාරය
තුන් මසක් පුරා අප මලානික කරන තුෂාරයනැවත ඇවිත්

තුෂාරයේ අණසකින් පිබිදුන ධවල කන්‍යාව මිහිකත මත රිදී සුනු විසුරුවන්නට විය. වාතය කළඹවා සුළගේ තනුව වෙනස් කරන්නට විය. තෙදවත් හිරුද වසාලමින් අන්ධකාර සෙවනැලි මතු කරන්නට විය. සියලු වර්ණයෝ පුරා තුෂාර සුනු ඉහිරවමින් තම දයා විරහිත ධවල වර්ණය පමණක් ඉතිරි කලාය.

දැන් මෙය කලු සුදු ලෝකයකි. වෙනදා ලීලෝපේතව නේකවිධ වර්ණයන්ගෙන් සැදුම් ලත් කබායක් පෙරවූ මිහිකත අද අවමඟුලකට සැරසී ඇත.

ඇගේ සුසුමන් වේදනා බරය, දෙකොපුල් මත කඳුළු කැට රූරා වැටුනේද නැත. ඒවා නිසලය, දීප්තිමත්ය, ඝනය. නග්න වූ අතු රිකිලි දරා සිටි ගස් මත පතිත වූ තුෂාර සුනු එක්තරා මිනිසෙකුගේ ජීවන පැතිකඩක් කියාපායි.

ඔහු කවුරුන්ද, බලාපොරොත්තු වලින් තොරවූ ඔහු කවරෙක්ද, සීතල හීනයක් දකිමින් සිටි ඔහුට බලාපොරොත්තු ඉපැද්දුවේ, ජීවිතයට උණුසුමක් ගෙනාවේ කවරෙක්ද,
ඒ ඇයමදඔව්! ඒ ඇයමයිතුෂාරය පුරා සුවඳ විහිද වූ තුෂාර වර්ණයට නිගා කල අංග සම්පූර්ණ ඇය
සීතල අතරින් උණුසුම දැනෙද්දී විවර වූ ඔහුගේ මලානික දෙනුවන් දුටුවේ මේ සුරූපිනියමද,

දැන් ඔහුද වසන්තය සේ ප්‍රබෝධමත්ය, ගිම්හානය සේ උණුසුම්ය, තම ජීවිතය වෙලා සිටි ඝනඳුර දැන් දුරු වී ගොස්ය.
එක තුෂර බිදුවක් හෝ එක සුළං පොදක් හෝ එක බඹරෙකුට හෝ ලං වෙන්නට නොදී මැය රැක ගත යුතුය.

                        පිණි වැටුනොත් ඔබෙ වත මැල    වේවී
                        හිම වැටුනොත් ඔබෙ රුව නැති    වේවී
                        විසකුරු බඹරිඳු ඔබ රිද්                   දාවී
                        කුමරෙක් දැන් ඔබ රැකුමට            ඒවී

මේ කුමරාගේ ප්‍රේම කතාව මෙතකින් ඉවර වීද?

මිහිකත ඇයි ඔබ සුදු වතින් සැරසිලා, ඔබෙ වත මැලවිලා, සීතල කඳුළු කැට ඔබෙ දෙකොපුල් හැඩ කරලා, ඒ මදිවට ඔබේ මුවේ සිනා රැල්ලක්, මට ඔබව වටහා ගන්න බැහැ කුමක්ද සිදුවී තිබෙන්නේ,
අපේ ආදර කතාවෙ ඉතුරු ටික

ඔව් මට තේරෙනවා ඒ කුරිරු කම නැවත සිදුවෙලා. කවුද ඔහු, තුෂාරයේ වර්ණය වෙනස් කල ඔහු කවුද, ඔහු දන්නෙ නැද්ද තුෂාරයේ කුරිරු කම ගැන, ඔහු දන්නෙ නැද්ද තුෂාරයට අයිති කලු සුදු පමණක් බව, කවුද ඔහු
තුෂාරයේ නීති රාමුවෙන් පිටට පිනූ ඔහු කවරෙක්ද?
ඔහු දන්නෙ නැද්ද, ඔහු දන්නෙ නැද්ද රුධිරයත් අවසානයේ කලු වන බව,
කවුද මේ ආදරවන්තයෙක්ද
විප්ලවකාරයෙක්ද
එහෙමත් නැත්නම් මෝඩයෙක්ද අසරණයෙක්ද

නැහැ යාලුවා ඔබට වැරදිලා
ඔව්! අද මම මේ කතාව කිව යුතුමයි. ඔහු වෙනුවෙන් මේ කතාව කිව යුතුමයි.

ඔහු සුදත්ත, බලාපොරොත්තු වලින් තොර වූ මහලු උයන් පල්ලා. තමන් වෙනුවෙන් තුෂාරයේ පවා පිබිදුනු, තුෂාරයේ පවා උණුසුම ලබා දුන්, අවසානයේදී ජීවන සුවඳ ලබා දුන් ඒ එකම සුරූපිනිය, තුෂාරය පුරා උයන් පල්ලෙකුගේ උයනක පිබිදී දසත සුවඳ වත් කල ඒ නෙලුම
පුෂ්පයෝද බොහෝ වෙති, එහෙත් ඇය වැන්නියක් නොමැත. ආදරවන්තයෝද බොහෝ වෙති, එහෙත් ඔහු වැන්නෙක් නොමැත. ආදර කතාද බොහෝ වෙති, ඒත් මෙවැන්නක් නොමැත.

            ඔහු වීර්යයවන්තයෙකි
            තුෂාරය පුරා එකම එක තුෂාර බිඳුවක් මල් පෙති මත පතිත නොවීමට දුන්

            ඔහු ධනවන්තයෙකි
            තුෂාරය පුරා ආදරය, උණුසුම ඉපැයූ

            ඔහු විප්ලවවාදියෙකි
            තුෂාරයේ අසාධාරණ නීති රාමුව සුනු විසුනු කල

            ඔහු ආදරවන්තයෙකි
            තමාටත් වඩා තම එකම බලාපොරොත්තුවට ආදරය කල

            ඔහු මනුෂ්‍යයෙකි
            මනුෂ්‍යත්වයේ නාමයට උත්තරීතරත්වයක් ගෞරවයක් එක් කල

අවසානයේ සුදත්ත ජය ගත්තා. ඔහුගේ අවසන් හුස්ම පොද පවා නෙලුමට උණුසුමක් දීම ගැන සුදත්ත සතුටු වන්නට ඇති. ඔහුගේ ලෙය තුෂාර වර්ණයේ අණසකට යටත් නොවන්නේය. මේ මලේ නියම හිමිකරුවා ඔහුයි.

ඒත් දැන්
නැහැ! ඔහු ගියායන්නට ගියාඔහුට උරුම සිහිනය, ආදරය, අරගෙන.
ඔහු තමයි ආදරයට අමරණීයත්වයක් එක් කල මිනිසා
තුෂාර වර්ණයට අවමන් කරමින් රතු කැට වැගිර වූ මිනිසා
ඔබ පරාද වුණාතුෂාර වර්ණය
ඔබ පරාද වුණා

by amith chinthaka
Feb 6th 2006
Deep