Warna-Color E - Volumes

Warna-Color E - Volumes
Download : warna - volume 1, 2 3, and 4

Monday, January 16, 2012

සමාජ වෘක්ෂය


වියළී හුන් තැන අහිමි වී
බිම වැටුණු කොලයක්මි මම...
සවිව උන් කල තෙදැති රුකට
කලද සේවය නිතර වෙහෙසී
අද බිමය අසරණව මරණයට නියම වී..
නොමැත මට පැන්ෂන්, ග්‍රැටිවිටි, ETF
ක්ෂයව ගිය වත පමණි ඉතිරිව ඇත්තේ

ලපටි දල්ලක්ව අලුත ඇතිවූ රිකිල්ලකින්
පැන නැගුනු දිනේ සිට
උරුම සේවය කලෙමි නිරන්තරයෙන්
පියඹ ආ සොඳුරු සමනළ තටු දැක
හැමූ සුළඟින් මග විමසා
පාව යන්නට සිතුන මුත් පාරාදීසයට
සෙනෙහෙ නොලදින් මාපියන්ගේ
කෙසේ යන්නද.. කවුරු දේවිද මට අත්තටු..
කුමර සැප විඳි මල් වලට සමනළ බඹරු හාදු දුන්නත්
ඉදුණු ගෙඩි පාරාදීසය බලා ඉගිලුනත්
කවුරු දේවිද මට හාදු කවුරු ගෙන යාවිද මා පාරාදීසයට
දුක විමසන මිතුරු සුළඟ
මල් සුවඳ ගෙන හමා යාවිද හැමදාමත්

දුටුවෙමි තව තවත් අලුතින් උපදින පොඩ්ඩන්
සිතුනේ නැත තරහක් හෝ දුකක්
උන් ගත්තත් මගේ තැන
නැත්තේ සතුටක්ද අත්වන ඉරණම දැනීමෙන්
දැනගනු මේ රුක මහළු උන් දරා නොසිටින බව..
උපන්නත් සොඳුරු සිහින අතැතිව
නොදැනීම ගෙවී ගොස් උඹේ ළමා විය, තරුණ විය
ලැබූ කල වාරු නැති මහළු විය
නොලැබෙනු ඇත උඹට ඉඩක් මේ රුක තුල
වෙන්නේ ගිලිහී ගොසින් සිපගන්නයි මහ පොලොව
කවදත් මිතුරු සුළඟ එදිනට වෙයි උදව්
පතිත වන්නට මහ පොලොව මත රිදීමකින් තොරව
ඔහුට කම් නැත සිටින කල උඹ සිටි උඩ
සලකනු ඇත සියලු දෙනාටම එක ලෙස පතිත වන්නට බිම...

by amith chinthaka
Oct 8th 2011

Thursday, January 12, 2012

මාලතී

ඔව්, මං ආදරෙයි!
මං ආදරෙයි!!
තොපි පිළිගන්නෙ නැති වුනාට මං ඒකිට ආදරෙයි!!!
මාත් එක්ක ඉන්න පැයේ දෙකේ හරි
ඒකි මට ආදරේ දෙනවා.. අඩුවක් නැතිව
තොපි වගේ.. ,
තොපි වගේ හොරට කිරන්නැතිව
මේ මූසල තනිකමේ මැරෙනවට වඩා
ඒකිගෙ උණුසුම මට වටිනවා
ඒකි තව එවුන් එක්ක යනවා තමා..
ඒ වුනාට මං ආදරෙයි ඒකිට
ඒකි විතරයි මගේ දුක අහගෙන ඉන්නේ
ඒකි විතරයි...
ඉතින් මට ඒකිව වටිනවා
මම වීසි කරන දාහේ කොල වලට වඩා...
මොකද..?
නොදකින් පෙරේතයො ටික,
තොපි හිතනවද මම ඒකිත් එක්ක..
මම ඒකිත් එක්ක හිනා වෙනවා..
කතා කරනවා.. අඬනවා..
සමහර වෙලාවට.. සමහර වෙලාවට ඔහේ බලාගෙන ඉන්නවා..
මම හරියට, හුලඟේ පාවෙලා යන වේලිච්ච කොලයක් වගේ
ඔහේ පාවෙලා යනවා..
ඒකිත් හරියට හුලඟ වගේ
මගේ ළඟින්ම දැවටි දැවටි ඉන්නවා...

by amith chinthaka
Sept 28th 2011

Wednesday, December 28, 2011

පෙරට්ටුව

සීරුවේ..න් සිටින්
පහසුවේ..න් සිටින්
ඔය අපූරුවට කරන්නේ...
ඔලුවට පහලින්ලුනෙ ඔය හිත තියෙනවා කියන්නේ
හිතත් හරියට ගෑ..නියෙක් වගේ
හැඟීම් කියන ඒවා, වාවගන්නම බෑනෙ
හැබැයි ඔය ඔලුව, පිරිමියෙක් වගේ
ඒ වුනත් ඌ.. ගෑනිට බයයි
ඉතින්, දෙයක් කරන්න ගියාම ගෑනි අවසර දෙනකම්ම ඉන්නවා
පෙරට්ටුවෙදී...
අපේ සර් ඉස්සෙල්ලම කරන්නේ
ඔය අසික්කිත ගෑනිව පන්නලා දාන එක
දැන් ඉතින් මිනිහට වැනෙන්න දෙයක් නෑ
වැඩේ හරි ලේසියි ඕයි මේ ක්‍රමේට
ජීවිතෙත් හරි යුධ බිමක් තමා
හිත් පිත් නැති කර ගත්තු මිනිස්සුන්ගේ
සීරුවේ..න් සිටින්
පහසුවේ..න් සිටින්
දන්නවද, දත්මිටි කාගෙන හරි ඔය ගෑනිව පන්නලා දාපල්ලා...
සීරුවේ..න් සිටින්
පහසුවේ..න් සිටින්

by amith chinthaka
Sept 27th 2011

Monday, October 17, 2011

warna - book III

කවි මඩුව

සෙනෙහෙ කොළය

සඳ මඩලක් සේ අහසෙ                    පෑයුවයි
හිරු මඬලක් සේ බැලුම්                   හෙලූවයි
පිරිවර තරු කැන් ඔබව                    පැතූවයි
මගෙ හිතටත් මහ බයක්                 දැනුනයි

මල් පෙති පරයන දෙතොලක්        ඇත්තී
ඔබෙ නිල් නයනද මා සිත්              ගත්තී
සිහින් සිනිඳු නිල් වරලක්               ඇත්තී
මගේ හිතත් නුඹ ගාවයි                  මැට්ටී

by Tom
Sept 18th 2010
වස්සානයක පියසටහන්


ඔබේ සෙනෙහෙ නොපැතූ මගේ කොළය

උදේ හවස අහස දිහා බලන්         ඉන්න
කාටද සිතුනේ ඔබේ හද ඇන       කරන්න
මටත් දුකයි මිතුරේ ඔබ දෙස        බලන්න
බිය නැත්නම් පවසනු ඒ නම        ඇහෙන්න

ඉන්නේ මැට්ටියක් වුවත් ඔබ සිත්             ගත්තූ
නොදනීද මැට්ටී යන නම මා                      සතූ
උරුලෑවෙක් වගේ මගේ නම ගඳ              ගැස්සූ
ඇත්තයි කියන්නෙ ටොම් නුඹටත්            පිස්සූ

by Matti
වස්සානයක පියසටහන්


හොරණ බිල් කවියා…

මැට්ටියෙ ඔහොම නොකරන් ටොම්          අයියාට
උගෙ කුළුඳුල්ම ප්‍රේමය පිදුවේ                    උඹට
පොඩ්ඩක් මහත පොඩ්ඩක් මිටි                  උනාට
අපෙ ටොම් අයියා ඉහටත් වැඩියෙන්        උඹට

by Bill
වස්සානයක පියසටහන්



වඳුරු කවි

උඹ පස්සේ නිතරම විත් පැණි                   හලන
ටොමා ඌයි වත්තේ තණ උලා                කන
වගක් නැතේ උටවත් උගෙ දෙයක්          ගැන
මැට්ටිට වෙන්නෙ එමමයි බෑගයට           වුන

නැතිදා කැකිරිගෙන් උඹ ගැන                 විමසනවා
දුටුවොත් උදෙන් උඹේ දවසම කෙල       වෙනවා
එහෙම වුනත් ටොම් උඹ ගැන වද           වෙනවා
ඔහොම ගියොත් ඌ මහ වදයක්              වෙනවා

තිත්ත නිසා මිදි; උඹ ගැන                         කියවනවා
සිරාවටම ඌ මැට්ටිට පණ                        දෙනවා
බලන්න බෑ තව පාරක් ඌ ඇන                වෙනවා
"හා!" කියපං නැත්නම් ඌ වහ                  කනවා

by Waduraa
වස්සානයක පියසටහන්


හැකර්ගේ කවි කම්…

ටොම්ගේ කවිය නොම තේරුණු              වඳුරාට
ඒ අසරණයා අසරණ කර                          දැමුවාට
නැති පෙම් පුවත් ඇති කර දුක්                  දුන්නාට
පල දෙයි මේ කල පව් දිවි                           තුරාවට

by Hacker
වස්සානයක පියසටහන්

ඇරඹුමම කඳුලක් වෙලා…


මලක් වී නුඹ සුවඳ දේ නම්     -      සුළඟ වී මම වැලඳ ගන්නම්
අහස වී නුඹ වැස්ස දේ නම්     -      ගඟක් වී මම ගලා යන්නම්
ඉරක් වී නුඹ එලිය දේ නම්      -     ඔබේ උණුසුම මම විඳින්නම්
මහද අරණට කඳුළු දේ නම්     -      දෝර ගලන තුරු මම අඬන්නම්

by amith chinthaka
Sept 19th 2010
වස්සානයක පියසටහන්

The Light House


හිරුත් සඳුත් තරහ වී තරු කැන් පොකුරු ඉවත බලදිදී
මගේ අඳුර නසන්නට තනියට ළඟ සිටියේ නුඹයි,
සමුදුරද කෝපයෙන් හඬනඟා කෑ ගසද්දී
පිරුණු සෙනෙහෙන් යුතුව බලා සිටියේද නුඹයි,
වැටහුණු කල, එළිය ඇතිමුත් ගරා වැටුනු නුඹ ගාව
දෙන්ට දෙයකි නොමැති බව
අඳුර අතරින් සැඟව ගත්තෙමි
තවත් නොබලා ඔබේ කාන්තිය
ඈත පෙනෙන බලාපොරොත්තුව
සුන්දරයි සිතා මම
නොනැවතීම යන්නෙමි සුළි කුණාටු මැදින්
ඉතින් අවසරයි යන්ට මට
තුරුල් කරගෙන ඔබෙ ආදරය
මගේ හිතේ පුංචි කොනක…

by amith chinthaka
Nov 8th 2010
වස්සානයක පියසටහන්