Warna-Color E - Volumes

Warna-Color E - Volumes
Download : warna - volume 1, 2 3, and 4

Thursday, July 7, 2011

වර්ණ - color

වර්ණ

අවර්ණ දියෙන් සේදී ගිය
දුක් දොම්නස්
තෙරක් නොමැති ගන'ඳුර වෙලා ගත්
බලාපොරොත්තු කඩවීම් වීසිකර
දම් පාට හැන්දෑවක
ඔබේ අතැ'ඟිලි වල පහසින් වෙලී
රක්ත වර්ණ සූර්යයා මැවූ
චමත්කාර රටා පැදුර යටට වී
තරු දහසක් පෑයූ අහසක් ගැන සිහින දැක්කෙමි
ගතවන මොහොතක් පාසා
පින්සල් තුඩ'ඟින් වැගිරුණු තීන්ත බිඳු
නිදහස් අහසක් උදෙසා
රූරා වැටුණු හැටි
දහඩිය බිඳු පරයා
දිලෙන්නට වෙර දැරූ හැටි
දුහුවිල්ලෙන් නැහැවුණු වත
කර්කශ මහ පොලොව සමඟ ඔට්ටු වෙවී
සෞභාග්‍යය නෙලාදුන් හැටි
කෙතරම් අපූරුද
ඒ සෞභාග්‍යය විඳින්නට
එරබදු මලින් ගැවසී ගත් අලංකාර උදයක
ශ්වේත වර්ණයෙන් පාරිශුද්ධ වූ සිත්
ඈත වඩිනා කහ පෙරහැර දැක
සාදුකාර දෙන්නට විය
මේ දැනෙන සිහිල් මදනල
එක්ව නැගී සිටින කඳු වළල්ල
අත්වැල් බැඳ සිටිනා නිල් තුරු ගොමු
මීට වඩා උරුමයක් මට කොයින්ද
හැඟීම් මාලාවටම උචිත වූ වර්ණ මාලාවකින්
හදවතේ මැවෙනා චිත්‍ර
විඳින්නට දකින්නට
හැම හැඟීමක් සමඟම කැළති කැළතී
හදවතේ ගැඹුරුම තැනක තැන්පත් වූ
මිනිස්කමේ වර්ණය දිගහරින්නට
අවසරයි...

by amith chinthaka - July 6th 2011
The Beginning

සිංහාවලෝකනයට අවසරයි…

පණ ගසා මිය ඇදෙන
ගෙන්දගම් පොලොව මත
තව දිනක් දිවි ගෙවන්න
දිරිය ගමි මල්ලියේ
දිවි කතර එතෙර වන්න
ගිනි දැලින් දැවි දැවී අප ගෙවූ ජීවිතය
හමාරයි හමාරයි හෙට දිනේ මල්ලියේ
නාඩන්න මල්ලියේ නුඹට කිරි නොපෙව්වාට
යලි නොතබමි පය කිසිදිනෙක පසු පසට

by amith chinthaka
The Beginning

සිහිනයද ඔබම විය

නෙත’ඟින් යාන්තමට පෙනෙන්නාවූ අපැහැදිලි ඡායාවක් වෙයි. එය කුමක්දැයි පැවසීමට මම අපොහොසත් වෙමි. එහෙත් එක් බැල්මකින්ම මා නෙතු වශී කරේ මායාවක් මෙනි.

ඇය නිසලය, මගේ සිහිනයේ එක් අඳුරු කොනක හිඳ පහන් සිලක් බඳු දෙ’නෙතින් හැඟීම් වගුරවයි. එබඳු අයස්කාන්ත විලාසිනියකගේ ප්‍රබෝධමත් මුහුණ දකින කවරෙකු ඇයට මුලා නොවන්නේද?

එහෙත්…
අසුරු සැනෙකින් ඇය නොපෙනී ගිය කල,
මගේ සිත…
කසයකින් සියදහස් වරක් තලා පෙලන්නාක් මෙන් රිදුම් දෙයි. ආදරය දී හද වෙහෙසවන නුඹ මිරිඟුවක් බඳුය. අඳුරු සිහිනයේ සොඳුරු වසන්තය වූ මායාකාරිය,
වහා පලා යව මගේ නෙතු අබියසින්, තව තවති මට රිදුම් නොදී.

සත්‍යය නම්…
ඔබද මා මෙන්ම හිස් සැළක් පමණක්මය. එයද එසේ වී නම් ඇයි මෙතරම් රිදුම් දෙන්නේ, හුදෙක් ඔබ සිහිනයක් ම වූ නිසා නොව, ඔබ මට අහිමි වූ නිසාම විය යුතුය.

නපුරු වූ බයංකාර සිහිනයේ මායාකාරිය, මම ඔබේ ස්ත්‍රී මායමට හසුවන පළමු හා අවසාන අවස්ථාව මෙයම විය හැකිය. මම ඔබට ශාප නොකරමි. මන්ද, මම නුඹට ආදරය කල නිසාවෙනි. මෙය සිහිනයක් ම විය හැකිද, මම තවම නොදනිමි.

හෙට නව ඉරක් පායනු ඇත. නින්ද විසින් පෙලනු ලැබූ මිනිසුන් තම සිහින සැබෑ කර ගනු පිණිස තම ජීවන යාත්‍රාව උඩු ගං බලා දියත් කරනු ඇත.

by amith chinthaka
July 19th 2005
The Beginning

නරියාගේ මිදි කෑම…

එකෝමත් එක කාලයක, එකෝමත් එක මහ කැලෑවක, නරියෙක් හිටියා
ඉතින් මේ නරියා දවසක් බොහොම ලකේට ඵල දරල තිබුණු මිදි පොකුරක් දැක්කා
මිදි පොකුරට රැවටිච්චි මේ නරියා ඒක කඩා ගන්න උඩ පැනපු වාර අනන්තයි
ඒත් කෝ, ඒක හරි ගියාද,
ඉතින් අන්තිමට මේ නරියා කියාපි,
“අපෝ… මේ මිදි තිත්තම තිත්තයි. මොන ජරාවක්ද. කවුද මේවා කන්නේ” කියලා

ඒක පරණ කතාවක්

මිදි පොකුර සූසැට මායමෙන් සුසැදි ස්ත්‍රිය නම්,
නරියා ස්ත්‍රියගේ සුන්දරත්වයෙන් උමතු වන අපේ කාලයේ පෙම්වතා නොවේද?

ඉතින්,
අවසාන ජවනිකාවේදී නරියාට අත් වුණු ඉරණම ම
අපේ කාලයේ ප්‍රේමවන්තයාටත් අත් වූ කල කුමක් කරම්ද?

කල යුත්තේ
මිදි පොකුරට ගල් මුල් වලින් ගසා විනාශ කිරීමද,
නැතිනම්
නරියා කීවාක් මෙන් මිදි ඇඹුලයි කියා හිත හදා ගැනීමද

story by amith chinthaka
Aug 1st 2005
The Beginning

Wednesday, July 6, 2011

My dream…

I like dreams
Because I can feel everything, which I can’t feel in the real world

I like morning sun
Because he gives cute embracement, like my father’s

I like mountains
Because they recall my heritage to me

I like sea
Because she know my feelings and get my sorrows

I like horizon
Because everything gathered around horizon

I like you
Because my everything is you

But
I have a challenge
I have a responsibility
I have a race to win
I have a revolution to do
I have a dream to build

Yes! I know, I can do it

by amith chinthaka
Oct 23rd 2010
The Beginning

Life is a poem

ජීවිතේ කවියක්
ආදරේ එහි සොඳුරුතම වදනක්
හසරැලි පොදක් කඳුලැලි බිඳක්
එකට එක් වූ විටකදී
පෙර නොවිඳි රසයක්

Anonym’s poem
The Beginning