Warna-Color E - Volumes

Warna-Color E - Volumes
Download : warna - volume 1, 2 3, and 4

Wednesday, December 28, 2011

පෙරට්ටුව

සීරුවේ..න් සිටින්
පහසුවේ..න් සිටින්
ඔය අපූරුවට කරන්නේ...
ඔලුවට පහලින්ලුනෙ ඔය හිත තියෙනවා කියන්නේ
හිතත් හරියට ගෑ..නියෙක් වගේ
හැඟීම් කියන ඒවා, වාවගන්නම බෑනෙ
හැබැයි ඔය ඔලුව, පිරිමියෙක් වගේ
ඒ වුනත් ඌ.. ගෑනිට බයයි
ඉතින්, දෙයක් කරන්න ගියාම ගෑනි අවසර දෙනකම්ම ඉන්නවා
පෙරට්ටුවෙදී...
අපේ සර් ඉස්සෙල්ලම කරන්නේ
ඔය අසික්කිත ගෑනිව පන්නලා දාන එක
දැන් ඉතින් මිනිහට වැනෙන්න දෙයක් නෑ
වැඩේ හරි ලේසියි ඕයි මේ ක්‍රමේට
ජීවිතෙත් හරි යුධ බිමක් තමා
හිත් පිත් නැති කර ගත්තු මිනිස්සුන්ගේ
සීරුවේ..න් සිටින්
පහසුවේ..න් සිටින්
දන්නවද, දත්මිටි කාගෙන හරි ඔය ගෑනිව පන්නලා දාපල්ලා...
සීරුවේ..න් සිටින්
පහසුවේ..න් සිටින්

by amith chinthaka
Sept 27th 2011