Warna-Color E - Volumes

Warna-Color E - Volumes
Download : warna - volume 1, 2 3, and 4

Monday, October 5, 2015

Abortion

වත්සුනු සුවඳ කර
ගෙපැළ කිරි දියෙන් දොවා
ඇගිලි ගනිමින් හිදි
උපන්ගෙයිම කළලය සේදී ගිය
"මිනිසෙකුගේ" හැගීමක් දැනේ මට

පාලුවට ගිය කුස පුරා
නිහැඩියාව දරාගෙන
හිස් අහසේ තරු රටා
සීරුවට අඳිනු ලෙස
වේදනාවෙන්ම තියුණු වූ
පැන්සලක් තිබේ මට

Saturday, July 25, 2015

The Artist

වටහාගත හැකි නම් ඔවුන්ගේ හිත තුළ රැඳි වේදනාවේ සුන්දරත්වය
රූප රචනයක් ව දෑස් මානයේ රටා මැවූ
ගේය පදයක් ව කන් පිනවූ
කඩදාසි දහසක ලියා තවද නිම නොකල
ඒ වේදනාව...
අවුරුදු ගණන් පපු කුහර තුළ පදම් වෙවී අමා රස දුන්
ඒ වේදනාව...