Warna-Color E - Volumes

Warna-Color E - Volumes
Download : warna - volume 1, 2 3, and 4

Sunday, September 30, 2012

වීරයා මැරිලා

ජීවත් වූයෙමි විසි වසකටත් වඩා
මේ දෙරණ මත
ඇසුවෙමි, දුටුවෙමි, බැලුවෙමි, සිතුවෙමි,
අඳුරු වර්ණයෙන් ගහණ රට
යලි වර්ණවත් කරනු වස්
දියසෙන් කුමරු ගේ වැඩීමක්…
ඇති මුත් චේතනා දහසක්
ඉපදි ඉපදී මැරි මැරී හදවත තුළ
වර්ණවත් කරන්නට යලිත්,
වඩින තුරු දියසෙන් කුමරු
සිටියෙමි කල් මරා…
උපන් දියසෙන් කුමරුවන්
තිඹිරි ගෙයිදිම මැරී යද්දී
කරන්නට නොවූයෙන් කිසිවක්
රැගෙන සටන් පාඨ
බැස්සෙමි මහ මගට
ලෙහෙසි නැත,
නිරුධක කතරකි එය
සිරුරෙහි වදින දිය පොදද
ආත්මයේ මිල ගනී…
කතා බහකි, ලොකු වාදයකි ඊටත් වඩා
අවසන සම්මුතියකි දිය බිඳකට
තෙමුණ දෙතොලින් ඉදිරියට තැබූ පියවරකි
දැක සතර අතින් ඇදෙන මහ පිරිවර
සිතට නැගුණ ලොකු ප්‍රීතියකි
සුළු මොහොතකි…
පිරුවට ඇඳ දත් විලිස්සමින් උන් එන්නේ
දුන් දිය බිඳේ මිල ගන්නට බව දැන
ඇති වූ මහා කළකිරීමකි
දැන ගනු තොප,
වීරයා මැරිලා ගොඩක් කල් බව…
කරමින අදර රකිමින මෙරට
නොසැකසුව හොත් පරිසරය
වඩින්නට දියසෙන් කුමරු හට
නොවඩිනු ඇත එතුමන්
රකින්නට තොපව
මේ ගෙන්දගම් පොළොව මතට
වඩින්නට පෙර මහා බෝසතුන්
මෙ මනු ලොවට දිව සිට
බැලුව බව පස් මහ බැළුම්
අමතකද තොපි හට…


by amith chinthaka
Sept. 28 2012


Gray Scale

Wednesday, June 20, 2012

Gray Scale : Screen Shots

Screen Shots is a sub category of Gray Scale. All these photographs had been downloaded from the internet. So, sometime these photographs are copyrighted materials.

Keep your mind open and free while you are reading these articles. Enjoy Warna with Screen Shots...

I should thanks to Nuthana Manawaya

Blossom



කලුද නැත මම සුදුද නැත
අළුවැ දිය මත පිපුන මල මම
ඉහිර වන්නට අවර්ණ පෙති මත
තව ඇදපන් පාටක් තෝරන්ට

යතුරු සිදුර


බලාගත්තා නම් දැන් පල
නිදහසේ නිදන්ට දී මට

Marketing


විප්ලවය විප්ලවය
කෑ මොර දෙන්නේ මන්ද තොප
ඉතිරි වූ වත පෙරවා සිටින කල
කුමට සරාගී බැලුම් හෙලුවද
නැත නැත
සළු පිළි නැති අසරණයෙක් නොවෙමි මම
නූතන විප්ලවල ඉතිරි කල වත අඳිමි මම

වයලීනය


ඇඟිලි තුඩින් තද කර වයන්නෙමි ඔබව
දැනෙන මුදු පහස දෙවඟනක් බඳුය ඔබ
සිප වැළඳ සිරකොට ආත්මීය රාගයක
බලව වයලීනය සුන්දරයි නේද ඔබ

මක්කයි වෙලා තියෙන්නේ


නැතිව ගොස්ය රුව
දකිනු ඇත්තේ සරාගී බව
යහන්ගත වෙන්න නොව සොයන්නේ
ගලවා ලන්නට
සළු පිළි නොව
පනුවෝ කැ දත

ආවර්ජනය


සිනිඳු සේල අන්දා මල් යහන මත් හොවා
මතකයි තුරුළු වූවා ඔබේ ළයට
ඒ ආදරයේ උණුහුමෙන් මෝදු වූ ගැබ
තව ටික දොහයි ඇත්තේ පුදින්නට
එතෙක් සිහිකරමින නුඹ 
ආසයි වැතිර ඉන්නට
සුවඳ ඉහිරුනු මල් යහන මත


Tuesday, February 21, 2012

ගීතය හා Track එක

පිනවන ලෙසට දන මන
රොද බැඳ මියුරු සත් සර
වසින ස්වර වැස්සක
තෙමී සැනසුනයි මා

ලියූ ගී සිත්තම
සමඟ මුහු කොට ස්වර නද
ලබැඳි කොවුලෙකු ගෙ හඬින්
අසා සැනසුනයි මා

අසන කල මිහිරි බණ පද
ලෙල නොදෙන ජල තලය විලසින
ගැයෙන ගී රාවය
දැහැන් ගැන්වූවයි මා

අඹරවා භීම්පලාසි රාගය
මැදින් එක්කොට කාෆි, යමන්
බොල් වියැට බඳු පද වැලක්
ගැයූවා නොව කි‍යූවා

ඇසෙන කල හරි මිහිරිය
දකින කල වඩ වඩා මිහිරිය :P
තටම තටමා කියූ
හපොයි මගේ  Track එක

by amith chinthaka
Feb 18th 2012

Thursday, February 9, 2012

අවසන් කැමැත්ත

මං මළ දා මා ගැන ගුණ කථන         එපා
සිටිනා කලදි නොහෙලූ සුසුම් හෙලනු     එපා
නෙත් දෙක ඔබේ කඳුලින් තෙත් කරනු     එපා
යලි යලි හමුවන්න පැතුමන් පුරනු     එපා

කියවා මා ලියූ දහසක් පද         පේලී
තෝරා සඟවලා ගිය මුතු         පේලී
ගුණ දොස් විමසලා කරමින් දිවිය     එළී
දෙනු මැන සිනහවක් ලිව්වට රස     පේලී

හරවා කඳුළු බිඳු කාබන්         සායමට
සඟවා දහසකුත් ලතැවුල් කොළය     තුල
වින්දත් සිනහවෙන් මිතුරේ කවියෙ     රස
දැනගනු කවිය නොව ඔය මගෙ     ජීවිතය

පොදි බැඳ මතක සටහන් මගෙ         ජීවිතයේ
විඳ විඳ එහි පැහැය මතකයෙ         සිතුවමිනේ
යන්නට සැරසෙන මේ සුන්දර         ගමනේ
විස්තර කියම්දෝ කෙලෙසින් මා     මිතුරේ

by amith chinthaka
Feb 9th 2012

Monday, January 16, 2012

සමාජ වෘක්ෂය


වියළී හුන් තැන අහිමි වී
බිම වැටුණු කොලයක්මි මම...
සවිව උන් කල තෙදැති රුකට
කලද සේවය නිතර වෙහෙසී
අද බිමය අසරණව මරණයට නියම වී..
නොමැත මට පැන්ෂන්, ග්‍රැටිවිටි, ETF
ක්ෂයව ගිය වත පමණි ඉතිරිව ඇත්තේ

ලපටි දල්ලක්ව අලුත ඇතිවූ රිකිල්ලකින්
පැන නැගුනු දිනේ සිට
උරුම සේවය කලෙමි නිරන්තරයෙන්
පියඹ ආ සොඳුරු සමනළ තටු දැක
හැමූ සුළඟින් මග විමසා
පාව යන්නට සිතුන මුත් පාරාදීසයට
සෙනෙහෙ නොලදින් මාපියන්ගේ
කෙසේ යන්නද.. කවුරු දේවිද මට අත්තටු..
කුමර සැප විඳි මල් වලට සමනළ බඹරු හාදු දුන්නත්
ඉදුණු ගෙඩි පාරාදීසය බලා ඉගිලුනත්
කවුරු දේවිද මට හාදු කවුරු ගෙන යාවිද මා පාරාදීසයට
දුක විමසන මිතුරු සුළඟ
මල් සුවඳ ගෙන හමා යාවිද හැමදාමත්

දුටුවෙමි තව තවත් අලුතින් උපදින පොඩ්ඩන්
සිතුනේ නැත තරහක් හෝ දුකක්
උන් ගත්තත් මගේ තැන
නැත්තේ සතුටක්ද අත්වන ඉරණම දැනීමෙන්
දැනගනු මේ රුක මහළු උන් දරා නොසිටින බව..
උපන්නත් සොඳුරු සිහින අතැතිව
නොදැනීම ගෙවී ගොස් උඹේ ළමා විය, තරුණ විය
ලැබූ කල වාරු නැති මහළු විය
නොලැබෙනු ඇත උඹට ඉඩක් මේ රුක තුල
වෙන්නේ ගිලිහී ගොසින් සිපගන්නයි මහ පොලොව
කවදත් මිතුරු සුළඟ එදිනට වෙයි උදව්
පතිත වන්නට මහ පොලොව මත රිදීමකින් තොරව
ඔහුට කම් නැත සිටින කල උඹ සිටි උඩ
සලකනු ඇත සියලු දෙනාටම එක ලෙස පතිත වන්නට බිම...

by amith chinthaka
Oct 8th 2011

Thursday, January 12, 2012

මාලතී

ඔව්, මං ආදරෙයි!
මං ආදරෙයි!!
තොපි පිළිගන්නෙ නැති වුනාට මං ඒකිට ආදරෙයි!!!
මාත් එක්ක ඉන්න පැයේ දෙකේ හරි
ඒකි මට ආදරේ දෙනවා.. අඩුවක් නැතිව
තොපි වගේ.. ,
තොපි වගේ හොරට කිරන්නැතිව
මේ මූසල තනිකමේ මැරෙනවට වඩා
ඒකිගෙ උණුසුම මට වටිනවා
ඒකි තව එවුන් එක්ක යනවා තමා..
ඒ වුනාට මං ආදරෙයි ඒකිට
ඒකි විතරයි මගේ දුක අහගෙන ඉන්නේ
ඒකි විතරයි...
ඉතින් මට ඒකිව වටිනවා
මම වීසි කරන දාහේ කොල වලට වඩා...
මොකද..?
නොදකින් පෙරේතයො ටික,
තොපි හිතනවද මම ඒකිත් එක්ක..
මම ඒකිත් එක්ක හිනා වෙනවා..
කතා කරනවා.. අඬනවා..
සමහර වෙලාවට.. සමහර වෙලාවට ඔහේ බලාගෙන ඉන්නවා..
මම හරියට, හුලඟේ පාවෙලා යන වේලිච්ච කොලයක් වගේ
ඔහේ පාවෙලා යනවා..
ඒකිත් හරියට හුලඟ වගේ
මගේ ළඟින්ම දැවටි දැවටි ඉන්නවා...

by amith chinthaka
Sept 28th 2011