Warna-Color E - Volumes

Warna-Color E - Volumes
Download : warna - volume 1, 2 3, and 4

Monday, October 17, 2011

warna - book III

කවි මඩුව

සෙනෙහෙ කොළය

සඳ මඩලක් සේ අහසෙ                    පෑයුවයි
හිරු මඬලක් සේ බැලුම්                   හෙලූවයි
පිරිවර තරු කැන් ඔබව                    පැතූවයි
මගෙ හිතටත් මහ බයක්                 දැනුනයි

මල් පෙති පරයන දෙතොලක්        ඇත්තී
ඔබෙ නිල් නයනද මා සිත්              ගත්තී
සිහින් සිනිඳු නිල් වරලක්               ඇත්තී
මගේ හිතත් නුඹ ගාවයි                  මැට්ටී

by Tom
Sept 18th 2010
වස්සානයක පියසටහන්


ඔබේ සෙනෙහෙ නොපැතූ මගේ කොළය

උදේ හවස අහස දිහා බලන්         ඉන්න
කාටද සිතුනේ ඔබේ හද ඇන       කරන්න
මටත් දුකයි මිතුරේ ඔබ දෙස        බලන්න
බිය නැත්නම් පවසනු ඒ නම        ඇහෙන්න

ඉන්නේ මැට්ටියක් වුවත් ඔබ සිත්             ගත්තූ
නොදනීද මැට්ටී යන නම මා                      සතූ
උරුලෑවෙක් වගේ මගේ නම ගඳ              ගැස්සූ
ඇත්තයි කියන්නෙ ටොම් නුඹටත්            පිස්සූ

by Matti
වස්සානයක පියසටහන්


හොරණ බිල් කවියා

මැට්ටියෙ ඔහොම නොකරන් ටොම්          අයියාට
උගෙ කුළුඳුල්ම ප්‍රේමය පිදුවේ                    උඹට
පොඩ්ඩක් මහත පොඩ්ඩක් මිටි                  උනාට
අපෙ ටොම් අයියා ඉහටත් වැඩියෙන්        උඹට

by Bill
වස්සානයක පියසටහන්



වඳුරු කවි

උඹ පස්සේ නිතරම විත් පැණි                   හලන
ටොමා ඌයි වත්තේ තණ උලා                කන
වගක් නැතේ උටවත් උගෙ දෙයක්          ගැන
මැට්ටිට වෙන්නෙ එමමයි බෑගයට           වුන

නැතිදා කැකිරිගෙන් උඹ ගැන                 විමසනවා
දුටුවොත් උදෙන් උඹේ දවසම කෙල       වෙනවා
එහෙම වුනත් ටොම් උඹ ගැන වද           වෙනවා
ඔහොම ගියොත් ඌ මහ වදයක්              වෙනවා

තිත්ත නිසා මිදි; උඹ ගැන                         කියවනවා
සිරාවටම ඌ මැට්ටිට පණ                        දෙනවා
බලන්න බෑ තව පාරක් ඌ ඇන                වෙනවා
"හා!" කියපං නැත්නම් ඌ වහ                  කනවා

by Waduraa
වස්සානයක පියසටහන්


හැකර්ගේ කවි කම්

ටොම්ගේ කවිය නොම තේරුණු              වඳුරාට
ඒ අසරණයා අසරණ කර                          දැමුවාට
නැති පෙම් පුවත් ඇති කර දුක්                  දුන්නාට
පල දෙයි මේ කල පව් දිවි                           තුරාවට

by Hacker
වස්සානයක පියසටහන්

ඇරඹුමම කඳුලක් වෙලා…


මලක් වී නුඹ සුවඳ දේ නම්     -      සුළඟ වී මම වැලඳ ගන්නම්
අහස වී නුඹ වැස්ස දේ නම්     -      ගඟක් වී මම ගලා යන්නම්
ඉරක් වී නුඹ එලිය දේ නම්      -     ඔබේ උණුසුම මම විඳින්නම්
මහද අරණට කඳුළු දේ නම්     -      දෝර ගලන තුරු මම අඬන්නම්

by amith chinthaka
Sept 19th 2010
වස්සානයක පියසටහන්

The Light House


හිරුත් සඳුත් තරහ වී තරු කැන් පොකුරු ඉවත බලදිදී
මගේ අඳුර නසන්නට තනියට ළඟ සිටියේ නුඹයි,
සමුදුරද කෝපයෙන් හඬනඟා කෑ ගසද්දී
පිරුණු සෙනෙහෙන් යුතුව බලා සිටියේද නුඹයි,
වැටහුණු කල, එළිය ඇතිමුත් ගරා වැටුනු නුඹ ගාව
දෙන්ට දෙයකි නොමැති බව
අඳුර අතරින් සැඟව ගත්තෙමි
තවත් නොබලා ඔබේ කාන්තිය
ඈත පෙනෙන බලාපොරොත්තුව
සුන්දරයි සිතා මම
නොනැවතීම යන්නෙමි සුළි කුණාටු මැදින්
ඉතින් අවසරයි යන්ට මට
තුරුල් කරගෙන ඔබෙ ආදරය
මගේ හිතේ පුංචි කොනක

by amith chinthaka
Nov 8th 2010
වස්සානයක පියසටහන්

The Mirror


Same height, same size, same shape
& same face
The Mirror,
Who is inside you?
You just look like me…
Are we same?
I’m standing, you’re also standing
I shake my hand, you do the same thing
I’m smiling & you’re smiling too
But…
To whom do you smile?
To that girl
Oh! God, I was delighted
How nice she looks…
Like a summer... in a winter
How sad,
I can’t talk to her… I can’t touch her…
Hey man, try to talk with her…

by amith chinthaka
March 23rd 2011
වස්සානයක පියසටහන්

Tear Drop


It is shiny
It is pure
It is naked
It is powerful
It melts sorrow
& remains happiness
The tear drop,
You bear the humanity…

by amith chinthaka
March 24th 2011
වස්සානයක පියසටහන්