Warna-Color E - Volumes

Warna-Color E - Volumes
Download : warna - volume 1, 2 3, and 4

Thursday, January 12, 2012

මාලතී

ඔව්, මං ආදරෙයි!
මං ආදරෙයි!!
තොපි පිළිගන්නෙ නැති වුනාට මං ඒකිට ආදරෙයි!!!
මාත් එක්ක ඉන්න පැයේ දෙකේ හරි
ඒකි මට ආදරේ දෙනවා.. අඩුවක් නැතිව
තොපි වගේ.. ,
තොපි වගේ හොරට කිරන්නැතිව
මේ මූසල තනිකමේ මැරෙනවට වඩා
ඒකිගෙ උණුසුම මට වටිනවා
ඒකි තව එවුන් එක්ක යනවා තමා..
ඒ වුනාට මං ආදරෙයි ඒකිට
ඒකි විතරයි මගේ දුක අහගෙන ඉන්නේ
ඒකි විතරයි...
ඉතින් මට ඒකිව වටිනවා
මම වීසි කරන දාහේ කොල වලට වඩා...
මොකද..?
නොදකින් පෙරේතයො ටික,
තොපි හිතනවද මම ඒකිත් එක්ක..
මම ඒකිත් එක්ක හිනා වෙනවා..
කතා කරනවා.. අඬනවා..
සමහර වෙලාවට.. සමහර වෙලාවට ඔහේ බලාගෙන ඉන්නවා..
මම හරියට, හුලඟේ පාවෙලා යන වේලිච්ච කොලයක් වගේ
ඔහේ පාවෙලා යනවා..
ඒකිත් හරියට හුලඟ වගේ
මගේ ළඟින්ම දැවටි දැවටි ඉන්නවා...

by amith chinthaka
Sept 28th 2011

5 comments:

  1. මචං, සිරාම සිරා, මාර කවිකාරයෙක් වෙලානේ දැං :) .

    ReplyDelete
  2. ෂෝක් ඵ් කථාව නම් ඵ්ත් ප්‍රශ්නෙකට තියෙන්නෙ ඵ්ක මට කිව්වද කියලා?

    ReplyDelete
    Replies
    1. Ane mama nam owa danne nee. mama ahinsaka manussaya. :P

      Delete