Warna-Color E - Volumes

Warna-Color E - Volumes
Download : warna - volume 1, 2 3, and 4

Monday, August 29, 2011

New Moon

මට නැවත ලියන්නට සිතුනි
ඒ ඔබ ගැනය
විටෙක රන්වන් හිරු මඩලක් සේ සැරසුනු ඔබ
විටෙක වසන්තයක් සේ මල් බර විය
ඒ වසන්තයේ වූ සුලි කුණාටුවක් ඔබගේ සිත්තම වර්ණවත් කලේ
සමාවෙන්න... එය මගේ සොඳුරු සිත්තමයි
රත් පැහැයෙන් හා අඳුරු පැහැයෙන්
සංග්‍රාමයකට සැරසුනු  ඔබ මට මංගල්‍යයක් ගෙනාවේ නොවේද
පුදුමයක හැටි ඉන්පසු පලබර වූ නුඹ
හරිම ලස්සනයි...
විටෙක ඉදිරියෙන් ගොසින් නැවත බැලුවද
විටෙක මා හා එක්ව ගමන් කලද
කතා නැතුවද අප කතා කල හැටි
ඔබ සොබාදම් චක්‍රය සම්පූර්ණ කල හැටි
යලි යලි මතක් වුවද කම් නැත
ඒ මතකය අවසන්ය
ඔබ මගේ සොඳුරු වසන්තයේ මතක සටහනකි
මා මතක සටහන් පමණක් එකතු කරන්නෙමි
කිසිවක් රැගෙන නොයන්නෙමි...

by amith chinthaka
Dec 13th 2008
Deep

No comments:

Post a Comment