Warna-Color E - Volumes

Warna-Color E - Volumes
Download : warna - volume 1, 2 3, and 4

Monday, August 29, 2011

The Time

ඇවිදින්නෙමි මා ඔබ මත
ඉදිරියටම
නොනැවතී ඇඟට නොදැනිම සෑම නිමේශයකම
පියවරින් පියවර තබමින්
ඇවිදින්නෙමි ඉදිරියටම
පසුපස හැරී බැලීමට අවසර මුත්
ආපසු යාමට ඉඩක් නැත

නොඉවසිලිමත් කම මෝදුවන්නට වූයෙන්
පසුපසට පියවරක් තැබීමට සිත් විය
කෙතරම් වෙර දැරුවත් නවතින්නේ නැත මේ ගමන
තවමත් මම සුපුරුදු ලෙස
ගලායන්නෙමි ඉදිරියටම
ක්‍රෝධයද අධිෂ්ඨානයද ඉහවහා ගියෙන්
පැන්නෙමි පිම්මක් පසුපසට
නව පිම්මේ ජවය දැකීමට
නව ලොව හිරු දැකීමට
දෙනෙත් හැර බැලුවෙමි ප්‍රීතියෙන්

අහෝ
හැඩතල වෙනස් වුවත් පැන ඇත්තේ ඉදිරියටමය
ආපසු පැනීමද මාගේ ගමනේ ඉදිරියට පැනීමක් විය
මට වැටහුණි,
මේ අපූරු ගමනේ පසුපසට තබන්නට අඩියක් නැත
තැබිය හැක්කේ ඉදිරියට පමණි
ගෙවී ගිය හැඩතල නැවත වින්දත්
එය ආපසු යාමක් නොව
අපූරු ගමනේ තවත් එක් ඉදිරි පියවරක්මය
යා හැක්කේ ඉදිරියටම බැවින්
යා යුත්තේද ඉදිරියටම පමණි
විසිතුරු හැඩතල අපූරු මතකයන් තුලින්
ඉදිරි ලෝකය වර්ණවත් කරණු වස්
යා යුත්තේ ඉදිරියටම පමණි
ඔබට ඔබේ ගමන නතර කල හැක
නමුත් ආපසු යා නොහැක

ඇතිතටම මට
ආපසු යා නොහැකිද?

by amith chinthaka
Jan 1st 2009
Deep

No comments:

Post a Comment